WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෙල් 212 අනතුරින් තුවාල ලැබූ සෙබළුන්ගේ සුවදුක් බලන්න යුද හමුදාපති යයි

2025 May 10- Page Views : 1187

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකායේ මාදුරුඔය පුහුණු පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පොළොන්නරුව මහ රෝහලට පැමිණියේය.

එහිදී එම හමුදා සාමාජිකයින්ට අවශ්‍ය කරන ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.