WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජනපතිගේ වෙසක් දින පණිවුඩය

2025 May 12- Page Views : 1187

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ විර්යයෙන් කටයුතු කිරීමට සියලුදෙනා හට ඇරයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වෙසක් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනිදැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇති බව ද සිය වෙසක් පණිවිඩය මඟින් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එමෙන්ම රටක පාලකයා දැහැමි වුවහොත් සියලු ජනයා සුවසේ ජීවත් වනු ඇති බවට ද බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දී ඇති බව ජනාධිපතිවරයා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.