වෙසක් සැරසිලි දැමීමට ගිය දැරියක් විදුලිසැර වැදී මරුට
2025 May 12- Page Views : 1187
මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දැරියක මියගොස් තිබේ.
වෙසක් පොහොය වෙනුවෙන් නිවස ආලෝකමත් කිරීම සඳහා සවිකර තිබූ විදුලි බුබුළු වැලකට එම නිවසේ ඉදිරිපිට සවිකර තිබු හෝල්ඩරයකින් විදුලිය ලබාගැනීමට යාමේදී අදාළ දැරියට විදුලිසැර වැදී ඇති බව පොලීසිය පැවසුවේය.
ඒම අවස්ථාවේ අසල්වාසීයෙකු විසින් අදාළ දරිය බේරාගෙන පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි දැරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.