කළුතර මුහුදු වෙරළට ඩොල්ෆින් ගොඩ ගසයි
2025 May 14- Page Views : 1880
කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා තිබේ.
මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති සත්වයින් 6 දෙනාම කිසියම් අනතුරුවලට ලක්වී ඇතැයි නිරීක්ෂණය වූ බව වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කරයි.
මේ අතර කළුතර වෙරළ තීරයේ මේ දිනවල මුහුද රළු ස්වභාවයක් ගෙන ඇති බවද ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කරයි.