WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වසර පහක් ඇතුළත හෙද සේවයට13600 ක්

2026 May 30- Page Views : 12

රජයේ මුල් වසර පහේදී හෙද සේවාවට 13600ක් බදවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. දැනටමත් එම ඉලක්කයෙන් 30%ක් සම්පූර්ණ වූ බව අමාත්‍යවරයා කීය. ලබන ඔක්තොම්බර් මාසයේ ලබා දීමට නියමිත හෙද පත්වීම් 2867 සමඟ එම ඉලක්කයෙන් 50%ක් සම්පූර්ණ වන බවද නලින්ද ජයතිස්ස මහතා කීය. අමාත්‍යවරයා මේ බව කීවේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු හෙද නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ 07 පදනම් ආයතන පරිශ්‍රයේ දී අද (29) සිදු කෙරිණි. III ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස සේවයට බඳවා ගන්නා ලද මෙම නිලධාරීන් රජයේ විශ්වවිද්‍යාල මඟින් විද්‍යාවේදී ගෞරව හෙද උපාධිය සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර ශ්‍රී ලංකා හෙද සේවා ව්‍යවස්ථාවට අනුව හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව (Nursing Orientation and Coordination Training) දිවයින පුරා ස්ථාපිත රජයේ රෝහල් 31 ක දී සාර්ථකව හදාරා ඇත.