WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

2026 May 31- Page Views : 12

හුංගම, කලමැටිය මුහුදේ ඊයේ (30) සවස දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (31) උදෑසන සොයාගෙන තිබේ. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් වයස අවුරුදු 12, 17 සහ 18 වයස්වල පසුවන පාසල් සිසුන් තිදෙනෙකු අතුරුදන්ව සිටි අතර, ඔවුන්ගෙන් වයස අවුරුදු 18 සහ 12 වයස්වල පසුවූ ළමුන්ගේ සිරුරු මෙලෙස සොයාගෙන ඇත. ඒ අනුව අතුරුදන්ව සිටින අනෙක් සිසුවා සොයා තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, නාවික හමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ හුංගම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය පැවසීය.