බාල පොහොර තොගයක් සමග පිරිසක් අත්අඩංගුවට
2025 May 15- Page Views : 1188
ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකුව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිරිපුර නගරයේ කෘෂි පොහොර සහ කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන ආයතනයක පසුගිය 13 වනදා සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගෙන සිදුකර තිබේ.
එහිදී ඇමෝනියා පොහොර කූඨ ලෙස යූරියා පොහොර ලෙස ඇසුරුම් කර වැඩි මිලට ගොවියන් වෙත අලෙවි කර වංචා කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම ආයතනයේ කළමණාකරුවෙකු ඇතුළු සේවකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 23 ත් 53 අතර වයස්වල පසුවන සිරිපුර, බුලත්කොහුපිටිය හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මාරු කිරීමට ගෙනවිත් තිබූ පොහොර මිටි 1,565 ක් පොහොර ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථ 05 ක් හා විවිධ ආයතන වල පොහොර හිස් කවර 13,585 ක් එම ස්ථානයේ තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (14) දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.