ලක්ෂ 40 ක මත්ද්‍රව්‍ය සමඟ කතක් මාට්ටු
2025 May 18- Page Views : 1187
රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සහ කේරල ගංජා තොගයක් සමඟ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
එම සැකකාරිය සමඟ හොරයින් මත්කුඩු ගෑම් 200 ක් කේරල ගංජා කිලෝ ගෑම් 7 ග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇත.පොලිසියට ලද තොරතුරකට අනුව මාලඹේ කහන්තොට පාර නිවසක ගබඩා කර තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය නාඋල, බිබිල, නිකලන්ද පදිංචි තැනැත්තියකි.