අමෙරිකාවට සුළි කුණාටුවක්; 25 ක් මරුට
2025 May 18- Page Views : 1188
අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ ගොඩනැගිලි 50,000 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවත්, ප්‍රදේශයේ තැනින් තැන විදුලිය බිඳවැටීම් ද වාර්තා වී ඇති බවයි.
එසේම, සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත බලධාරීන් විසින් තත්ත්වය පහව යන තෙක් පැය කිහිපයකට ඇඳිරි නීතිය ද පනවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත්, සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් සොයා ප්‍රාන්ත බලධාරීන් මෙහෙයුම් දියත් කර ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.