WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටි 07කට අධික කුෂ් තොගයක් සමග තායිලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට

2025 May 19- Page Views : 1189

රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා ”‍කුෂ්”‍ මත්ද්‍රව්‍ය තොගයක් සමගින් විදේශීය ගුවන් මගියෙකු අද අලු‍යම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි තායිලන්ත ජාතික තරුණයෙක්.

    ඔහු අදාළ මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.   

සිය ගමන් මලු‍ තුළ රසකැවිලි අඩංගු පැකට් කිහිපයක “කුෂ්”‍ මත්ද්‍රව්‍ය කිලෝ 07යි ග්‍රෑම් 910 ක ප්‍රමාණයක් සඟවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණා.