WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාසා තීරයේ තවමත් ආධාර බෙදා නැහැ - ජගත් සංවිධානය

2025 May 21- Page Views : 31

සති 11ක අවහිරයකින් පසු ආධාර රැගත් ලොරි රථ ගාසා තීරයේ දේශසීමාව හරහා ගමන් කිරීමට ආරම්භ කළද, තවමත් ආධාර බෙදා හැර නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

තිරිඟු පිටි, ළදරු ආහාර, වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඇතුළු ආධාර රැගත් ට්‍රක් රථ 93ක් ඊයේ ගාසා තීරයට ඇතුළු වූ බව ඊශ්‍රායල බලධාරීන් සඳහන් කළා.

කෙසේවෙතත් ගාසා තීරයේ පවතින ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා දිනකට ට්‍රක් රථ 600ක් පමණ අවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා.

ගාසා තීරයට වහා ආධාර ලබානොදුනහොත් ළදරුවන් දහස් ගණනක් මිය යා හැකි බවට එම සංවිධානය මීට පෙර අනතුරු අගවා තිබුණා.