WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අධිවේගී මාර්ගවල ගෙවීම් අද සිට බැංකු කාඩ් මගින්

2025 May 21- Page Views : 1187

අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල බැංකු කාඩ් මගින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

 ඒ අනුව දක්ෂිණ අධිවේගි මාර්ගය, කොළඹ _කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම හා කුරුණෑගල කොටසේ බැංකු කාඩ් මගින් ගෙවීමේ පහසුකම ඇතැයි අමාත්‍යාංශය සදහන් කරයි.

අධිවේගී මාර්ගවල හුවමාරු 35 ක සහ පිටවීමේ දොරටු 119 කදී අද සිට මෙම පහසුකම ක්‍රියාත්මක කෙරෙන බවද පවසන ප්‍රවාහන අමාත්‍යාංශය කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ බවද සඳහන් කරයි.