WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආරක්‍ෂක අමාත්‍යාංශයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

2025 May 21- Page Views : 1187

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරක්‍ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී සිදුව තිබුණා.

2025 - 2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සියලු‍ රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මේවන විට ආරම්භ කර තිබෙනවා.

මෙවැනි ඒකකයක් පිහිටුවීමේ මුලික අරමුණ වන්නේ ආයතනයන් තුල දුෂණය අවම කිරීම සහ සුපිලිපන් බව ඉහල නැංවීම වන අතර, මෙමගින් දුෂණ අවදානම් හඳුනාගැනීම, අවදානම් තක්සේරු කිරීම, ආරක්‍ෂක විධිවිධාන වැඩි දියුණු කිරීම වැනි කරුණු අධීක්‍ෂණය කිරීම සහ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්ෂිකව ඉදිරිපත් කෙරෙනු ඇති.

මෙම ඒකකය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහයදීම රාජ්‍ය නිලධාරීන් සියලු‍දෙනාගේ පුර්ණ වගකීමක් වන බවයි ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ.