WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ දී ඊශ්‍රායල තානාපති සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

2025 May 22- Page Views : 30

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් "නිදහස්, නිදහස් පලස්තීනය" යනුවෙන් කෑ ගැසූ බව එරට පොලීසිය පවසයි.

යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකින් අනතුරුව එයින් පිටව යමින් සිටියදී මෙම නිළධාරීන්ට වෙඩිතබා තිබේ.

එම අවස්ථාවේ සිව්දෙනෙකු සිට ඇති අතර දෙදෙනෙකුට වෙඩි වැදී ඇත.

පොලීසිය විසින් 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් නම් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු චිකාගෝ හි පදිංචිකරුවෙකු බව සඳහන් වේ.