ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
2025 May 22- Page Views : 1187
ඌව,නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන බවය.
මෙම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.