සීමා ඉවත් කිරීමෙන් පසු ඩොලර් කෝටි 20ක වාහන මෙරටට
2025 May 23- Page Views : 1187
ආනයන බදු සහ ගෝලීය දේශපාලන කරුණුවල බලපෑමෙන් මෙරට විදේශ ඉල්ලුම පහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.
මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම වෙනුවෙන් මහ බැංකු පරිශ්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ රථවාහන ආනයන වෙනුවෙන් පළමු මාස 5 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 450 ක ණයවර ලිපි විවෘත කර ඇති බවයි.
ඒ අනුව ඩොලර් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සදහන් කළා.