WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

2025 May 23- Page Views : 1187

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර බණ්ඩාරදූව පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ එම පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.