WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානය අභිබවමින් ඉන්දියාව ආර්ථිකයෙන් ලොව සිව්වැනි තැනට

2025 May 26- Page Views : 35

ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබෙනවා.

ඒ, මේ වසරේදී අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.187ක ආදායමක් උපයමින්.

ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇති බව, ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ආයතනය පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්වූ ''2047 වසරේදී විකසිත භාරතයක් - විකසිත රාජ්‍යයක්'' මැයෙන් පැවැති උත්සවයට සමගාමී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ඉන්දීය රජයේ නියෝජිතයින් අනාවරණ කළා.

"ඉන්දියාව දැන් සිටින්නේ හැරවුම් ලක්ෂයක. මම මේ කතා කරන අවස්ථාව වනවිටත් අපි ලොව සිවු වැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියනවා. අපිට අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4ක ආර්ථිකයක් තිබෙනවා. මේ මාගේ දත්ත නොවෙයි. මුල්‍ය අරමුදල ලබාදුන් දත්තයි. අද ඉන්දියාවේ ආර්ථිකය ජපානයට වඩා විශාලයි. ඊට මුලින් සිටින්නේ අමෙරිකාව, චීනය සහ ජර්මනියයි. ඒ වගේම අපේ සැලසුම් අපි ක්‍රියාත්මක කළහොත් තව අවුරුදු දෙක හමාරක්, තුනක් වගේ ගත වනවිට අපිට ලොව තුන්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්විය හැකියි."

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත අනුව දළ දේශීය නිෂ්පාදනය අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි සටහනේ මුල්තැන අමෙරිකාවට හිමිව ඇති අතර, එය දැක්වෙන්නේ අමෙරිකා ඩොලර් ට්‍රිලියන 30.51ක් ලෙසින්.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය අමෙරිකා ඩොලර් ට්‍රිලියන 19.23ක ආර්ථිකයක් චීනය අත්කරගෙන ඇති අතර, ජර්මනිය තෙවැනි ස්ථානයේ පසුවනවා.

ජර්මනියේ ආර්ථිකය දැක්වෙන්නේ අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.74ක් ලෙසින්.

සිවු වැනි ස්ථානයට පත්ව ඇති ඉන්දියාව අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.187ක ආර්ථිකයකට හිමිකම් කියනවා.

එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ සිටින ජපානයේ ආර්ථිකය අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.186ක්. Latest News ගාසා මානුෂීය පදනමේ විධායක අධ්‍යක්ෂකවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි Local 26 May 2025 ගාසා මානුෂීය පදනමේ විධායක අධ්‍යක්ෂකවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි මත්තල ගුවන්තොටුපළ කළමනාකරණයට නව ආයෝජකයන් කැඳවයි Local 26 May 2025 මත්තල ගුවන්තොටුපළ කළමනාකරණයට නව ආයෝජකයන් කැඳවයි සෙලෙන්ස්කිගෙන් ට්‍රම්ප්ට චෝදනා Local 26 May 2025 සෙලෙන්ස්කිගෙන් ට්‍රම්ප්ට චෝදනා අද සිට දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් Local 26 May 2025 අද සිට දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් වෙළඳපොළේ තවමත් ලුණු හිඟයි (වීඩියෝ) Local 26 May 2025 වෙළඳපොළේ තවමත් ලුණු හිඟයි (වීඩියෝ) හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු අද Local 26 May 2025 හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු අද කොටපිටියේ රාහුල හිමියන්ගෙන් වත්මන් පාලකයින්ට චෝදනාවක් (වීඩියෝ) Local 26 May 2025 කොටපිටියේ රාහුල හිමියන්ගෙන් වත්මන් පාලකයින්ට චෝදනාවක් (වීඩියෝ) ජපානය අභිබවමින් ඉන්දියාව ආර්ථිකයෙන් ලොව සිව්වැනි තැනට Local 26 May 2025 ජපානය අභිබවමින් ඉන්දියාව ආර්ථිකයෙන් ලොව සිව්වැනි තැනට ට්‍රම්ප් යුරෝපා සංගමයේ තීරුබදු කල් දැමීමට එකඟ වෙයි Local 26 May 2025 ට්‍රම්ප් යුරෝපා සංගමයේ තීරුබදු කල් දැමීමට එකඟ වෙයි ප්‍රදේශ රැසකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි Local 26 May 2025 ප්‍රදේශ රැසකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි Related Recommends