WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මින් මතුවට ඔබට ලැබෙන ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගැන දැනුවත්ද

2026 May 25- Page Views : 7

රක්ෂණ කාඩ්පත ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ ඉදිරියේදී රක්ෂණය සම්බන්ධ සියලුම ලියකියවිලි ඩිජිටල්කරණයට ලක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමයේ සාමාන්‍ය රක්ෂණ සංසදයේ සභාපති දිනූෂ තිලංක මහතා පවසයි.

අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඩිජිටල් රක්ෂණ කාඩ්පත සම්බන්ධව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ දැනට ලැබී ඇති තමන්ගේ වාහනයට අදාළ රක්ෂණ කාඩ්පත මින් ඉදිරියට නොලැබෙන බවත් රක්ෂණ ආයතන වෙතින් මින් ඉදිරියට ලැබෙන්නේ ඊට අදාළ ඩිජිටල් කාඩ්පතක් බවය.

එම ඩිජිටල් රක්ෂණ කාඩ්පත තමන්ගේ ජංගම දුරකථන මගින්, වෙබ්, හෝ QR කේතයන් මගින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

ලබා ගත් එම ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඕනෑම අවස්ථාවක සත්‍යාපනය කිරීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා 1338 යන ක්ෂණික ඇමතුම් අංකය මගින් එම කාර්ය සිදුකරගත හැකි බවත් මේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

"මේ 1338 කියන නම්බර් එකේදී ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමා USSD කියන සොලූෂන් එක. මේක බොහෝදුරට ඔබ දැක ඇති ටෙලිකොමිනිකේෂන් ආයතනවල තියෙනවා තරුව සමග ඉලක්කම එකතු කරලා හෑෂ් නම්බර් එක සඳහන් කිරීමෙන් ඔබට මෙනුවකට යන්න පුළුවන්. ඒ සොලූෂන් එකම තමයි USSD කියන එකේදීත් වෙන්නේ *1338# කියන නම්බර් එක සිස්ටම් එකට එන්ටර් කළාට පස්සේ ඔබට මෙනු එකක් එනවා ඒකෙදි ඔබෙන් අහනවා වෙහිකල් එකෙන් සර්ච් කරන්නද පොලිසි නම්බර් එකෙන් සර්ච් කරන්නද කියලා. මේකෙන් කැමති එක සිලෙක්ට් කරලා ඊළඟට එන මෙනු එකෙන් ඔබෙන් අහනවා ඔබේ වෙහිකල් නම්බර් එක ඇතුළත් කරන්න කියලා. ඒ දිස්වෙන විදිහට වෙහිකල් නම්බර් එක ඇතුළත් කිරීමෙන් ඔබට තත්ත්පර 5ක් 10ක් ඇතුළත ඔබේ ජංගම දුරකථනයට එනවා මේක වැලීඩ් ඉන්ෂූරන්ස් එකක්ද කියන එක.

දෙවැනි එක තමයි SMS මාර්ගයෙන් වෙරිෆයි කරගන්නේ කියන එක. එකේදිත් වෙන්නේ 1338 අංකයට ඔබ සාමාන්‍ය SMS එකක් දාන විදිහටම SMS එකක් දාන්න ඔබේ වෙහිකල් නම්බර් එක. එහෙම නැත්නම් ඔප්පු අංකය කියන පොලිසි නම්බර් එක. මේ දෙකම එක පාර සඳහන් කරන්න අවශ්‍ය නෑ ඒ කියන්නේ වෙහිකල් අංකයෙන් සහ පොලිසි අංකයෙන් මෙය සොයාගත හැකියි.

ඊළඟ එක තමා IBR එක. මේක සාමාන්‍යයෙන් ඔබ දැක ඇති ඕනෑම පාස්කෝඩ් ආයතනයක් තමන්ගේ දුරකථන නාමාවලිය ක්‍රියාත්මක කරන විදිහ. ඒ නම්බර් එක 1338 නම්බර් එකට ඔබට වොයිස් කෝල් එකක් ගන්න හැකියාවක් තියෙනවා ඒ වොයිස් කෝල් එක ගත්තාමත් ඊළට එන මෙනු එකෙන් ඔබට සිලෙක්ට් කරන්න පුළුවන් ඔබට අදාළ රක්ෂණ ආයතනය. සියලුම රක්ෂණ ආයතන මීට ඇතුළත් කරලා තියෙන්නේ. එතනින් රක්ෂණ ආයතනය සිලෙක්ට් කළාම ඩිරෙක්ට්ලි අපේ රක්ෂණ ආයතන කෝල් සෙන්ටර් තමා සම්බන්ධ වෙන්නේ. එතැනින් පුළුවන් ඔබට රක්ෂණ ආයතන සමග සම්බන්ධ වෙලා ඔබගේ වාහන අංකය නැත්නම් පොලිසි නම්බර් එක ලබා දීමෙන් ඒ වෙලාවේම වෙරිෆයි කර ගැනීමේ හැකියාව තිබෙනවා.

පළවෙනි අවස්ථා දෙක අපි ලබා දීලා තියෙන්නේ ඒ වෙලාවේම ක්ෂණිකව ගන්න පුළුවන්. හැබැයි යම් කිසි අවස්ථාවක පළවෙනි අවස්ථා 2දි සම්බන්ධ කරගන්න ආවේ නැත්නම් 1338 කියන නම්බර් එක කෝල් ෆී නම්බර් එකක් එක පැය 24 පුරාම 365 දවසෙම වැඩ කරනවා. ඒ නම්බර් එකට ඔබට කෝල් කරන්න පුළුවන්. ඒ නිසා මේ සේවාව පාවිච්චි කරන්න."