WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මදුරුවන් බෝ කරන පරිශ්‍ර 31,145 ක්

2025 May 26- Page Views : 1187

මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145 ක් හඳුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6077 ක් හඳුනා ගැනීමට හැකි වූ බවත් මෙහි දී රතු නිවේදන නිකුත් කිරීම් 3916 සිදුකළ අතර පරිශ්‍ර 1470 කට  නිතී මඟින් ක්‍රියා කිරීමට ද  පියවර ගන්නා ලද බව අමාත්‍යංශය කියයි.

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේ දී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින හෙයින් සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනක් කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් අනුව ක්‍රියාත්මක කළ මදුරු මර්දන සතියේදී ඉහත පියවර ගෙන ඇත.

දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95 ක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.