වව්නියාවේ රිය අනතුරකින් ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙකු මරුට
2025 May 26- Page Views : 1187
වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී අද (26) අලුයම මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකු මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ ඔවුන් ගමන් ගත් මෝටර් රථය යාපනය සිට ඕමන්ත දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවය කළ සජිතානන්ද ප්‍රභාකර කුරුක්කල් නම් අවුරුදු 52 නම් පුද්ගලයෙකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ, පුතා සහ ඔහුගේ මාමණ්ඩිය ඇතුළු අනෙක් පිරිස වවුනියාව රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන ඕමන්ත පොලීසිය සිදුකරති.