WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බොරතෙල් නැව් හතරක් ගන්න ප්‍රසම්පාදනය සිංගප්පූරුවට

2025 May 27- Page Views : 1187

මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 -09-01 දින සිට 2025-12-31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4 ක් මිල දී ගැනීම පිණිස ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 7 ක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සිංගප්පූරුවේ BB Energy Asia Pte. Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී