WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුමින්ද දිසානායක යළිත් මැගසින් බන්ධනාගාරයට

2025 May 28- Page Views : 1187

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමුකර තිබේ.

අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධනාගාර රෝහලට යොමු කෙරිණි.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ දුමින්ද දිසානායක මහතා විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර ඇති බවය.

වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයකදී රත්‍රං ආලේපිත T56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ඊට පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස  රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.