සමාජ මාධ්‍ය හරහා මුදල් කොල්ලකෑ පුද්ගලයෙක් කොටුවෙයි
2025 May 29- Page Views : 1187
සමාජ මාධ්‍ය හරහා දේපල විකිණීමට ඇති බවට දැන්වීම් පලකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (28) පස්වරුවේ බලංගොඩ නගරයේදී හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු සමාජ මාධ්‍ය ජාලය හරහා ත්‍රීරෝද රථ හා යතුරුපැදි විකිණිමට ඇති බවට සඳහන් කර දැන්වීම් පලකර අත්තිකාරම් මුදලක් බැංකු ගතකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
සැකකරු වයස අවුරුදු 29 ක් වන බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු හල්දුම්මුල්ල, සමනලවැව, කෑගල්ල හා මහනුවර ආදි විවිධ පොලිස් වසම්වල පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 02 මුදලක් පමණ මෙලෙස වංචා කර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර සැකකරු විසින් මෙලෙස සිදුකළ තවත් වංචාවන් සම්බන්ධ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.