පානදුර වෙඩිතැබීමක්
2025 May 29- Page Views : 1187
අද (29) උදෑසන දහයට පමණ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි යතුරුපැදි කොටස් අලෙවි ස්ථානයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් එම ස්ථානයේ සේවකයෙකුගේ පිටපසට වෙඩි වැදී ඇති අතර, සුළු තුවාල ලැබු පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 49ක් වාර්තා වී ඇති අතර, මෙම වෙඩිතැබීම 50 වන සිදුවීම ලෙස වාර්තා වේ.