කොකේන් කිලෝ 10ක් කටුනායකදී හසුවෙයි
2025 May 30- Page Views : 1187
අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්වී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සොයාගෙන තිබුණි.
එහිදී එම මත්ද්‍රව්‍ය ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි විදේශ ජාතිකයා අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ඉතාලි ජාතිකයෙකි.
සැකකරු මෙම මත්ද්‍රව්‍ය ටෙඩිබෙයා(ර්) තුනක සඟවාගෙන රැගෙනවිත් තිබුණි.