රට පුරා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
2025 June 03- Page Views : 1187
මහජන ආරක්ෂාව සඳහා රට පුරා ත්‍රිවිධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.