දේශීය කිරි කර්මාන්තය නගාසිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්
2025 June 04- Page Views : 1187
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (03) පැවැත්වුණා.
දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාර බවට පත් කිරීම පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කර ඇත්තේ.
දේශීය කිරි කර්මාන්තයේ පිරිවැය අවම කරගනිමින් සහ පවත්නා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගත් කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කර තිබෙනවා.
පසුගිය වසරට වඩා මේ වසරේ මුල් කාර්තුවේදී මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ධාරිතාවෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව මිල්කෝ ආයතනයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබුණා.