WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සමෘද්ධි බැංකු විගණනයට නව පනත් කෙටුම්පතක්

2025 June 05- Page Views : 1187

සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාසවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එම පනත් කෙටුම්පතට අනුව සමෘද්ධි ප්‍රජාමුල බැංකුවල ගිණුම් ජාතික විගණන පනතේ විධිවිධාන යටතේ විගණනය කිරීම සඳහා යෝජනා කර තිබේ.

ඊට අමතරව සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිවල ගිණුම් විගණනය කිරීම සඳහා ද අදාළ පනත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව සමෘද්ධි සංශෝධන පනත ලෙස නම් කිරීමට නියමිතය.