අනුරාධපුර බන්ධනාගාර අධිකාරී යළි රිමාන්ඩ්
2025 June 11- Page Views : 1187
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 13 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔහුව අද (11) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගැනුණි.