WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

2025 June 18- Page Views : 36

ඉන්දුනීසියාව ලෙවෝටෝබිහි ලකී - ලකී ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.   

ගිනිකන්ද විදාරණය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ පසුබිමකයි එය සක්‍රීය වී ඇත්තේ.

    ඉන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

    සංචාරක දූපතක් වන ෆ්ලෝරස්ට හී පිහිටා ඇති මෙම ගිනි කන්දේ ආවාටයේ සිට කිලෝමීටර් 7ක අරයක් තුළ වාසය කරන පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර කිලෝමීටර 11ක් දුරට අහස අළු වළාකුළු වලින් වැසී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

  මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී මෙම ගිනි කන්ද විදාරණය වූ අතර එහිදී පුද්ගලයින් නව දෙනෙකු මියගියා.

    දහස් ගණනක් ප්‍රදේශය අතහැර ගොස් තිබූ අතර ගුවන් ගමන් රැසක්ද අවලංගු කෙරුණා.