WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිරියාවේ පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 22ක් මරුට

2025 June 23- Page Views : 36

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ.

ප්‍රහාරකයා IS සටන්කාමීන් සමඟ සම්බන්ධතා ඇති අයෙකු බවට අනාවරණය වී ඇත.

පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩී ගිය වීදුරු සහ ලේ විසිරී ඇති බිත්ති දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.