WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අලුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

2025 June 30- Page Views : 35

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පත්කර ඇත.

එංගලන්තයේ බකින්ග්හැම්ෂයර් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී ගෞරව උපාධිය ලබාගෙන ඇති වුට්ලර් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබදව ශාස්ත්‍රපති උපාධිය ද හිමිකරගෙන ඇත.

සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු සන්නිවේදනය කළ හැකි ඔහු දිවයිනේ පොලිසි රාශියක සේවය කර ඇත. පොලිස් පරීක්ෂකවරුන්ගේ ටයි පටියේ නිර්මාතෘ වන්නේ ද වුට්ලර් මහතාය.

පොලිස් සේවයේ අත්දැකීම් බහුල නිලධාරියකු ලෙස ද වුට්ලර් මහතා හැදින්විය හැකිය.

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්කර ඇත.