පොලිසියේ පුරප්පාඩු 28,000ක් තියෙනවා - ඇමති ආනන්ද විජේපාල
2025 July 08- Page Views : 360 පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වනවිට පුරප්පාඩු 28,000ක් පමණ ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අද (08) පාර්ලිමේන්තුවේදීයි.
එමෙන්ම 5,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබුණු බවත්, ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.
පුරප්පාඩු සඳහා අයදුම්පත්‍ර මේ වනවිට ලැබෙනමින් පවතින බවත්, ඒ අනුව බඳවා ගැනීම් කිරීමට කටයුතු කරන බවත්, ඔහු පැවසුවා.
එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.
''පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වනවිට 28,000ක පමණ පුරප්පාඩු තියෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 5,000ක පිරිසක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී තියෙනවා. මේ වෙනකොටත් ගැසට් නිවේදන නිකුත් කර තියෙනවා උප පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීම සඳහා.
මේ වෙනකොට අයදුම්පත් ලැබෙමින් තියෙනවා. ඒ 5,000ක පිරිස අඛණ්ඩව බඳවා ගැනීමට කටයුතු කරනවා. දැනට පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතිනවා. ඒ හිඟය කඩිනමින් කළමනාකරණය කරගැනීම සඳහා මෙම බඳවා ගැනීම් උපයෝගී කරගන්නවා. ඒ වගේම ඔවුන්ගේ ගුණාත්මකභාවය වැඩි කරලා මේ ඉන්න නිලධාරීන්ගේ ඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් අරන් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සුභසාධන කටයුතු ශක්තිමත් කරලා තියෙනවා. මේ ආකාරයට මේ තියෙන පවතින හිඟය කළමනාකරණය කරගන්න අපි කටයුතු කරමින් ඉන්නවා.''