WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නේටෝව හරහා යුක්රේනයට අවි

2025 July 14- Page Views : 12

නේටෝ සංවිධානය හරහා, ඇමෙරිකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක් වටිනා, අවි ආයුධ යුක්රේනයට යැවීමට පියවර ගෙන ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙම ආයුධ සඳහා වන සම්පූර්ණ පිරිවැය දරන්නේ නේටෝ සංවිධානය බවය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම උත්සාහ ගනිමින් සිටින්නේ රුසියාවත්, යුක්රේනයත් අතර සාමය ස්ථාපිත කරමින්, වසර තුනකට ආසන්න කාලයක් ඔඩුදුවන යුද්ධය නැවැත්වීමටය.

කෙසේ නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සාම සාකච්ඡා හෝ සටන් විරාමයකට යෑමට හෝ කැමැත්තක් දක්වන්නේ නැති බැවින්, රුසියාවට සම්බාධක පැනමවීටත්, අවි ආයුධ ලබා දී යුක්රේන හමුදා ශක්තිමත් කිරීමටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා තීරණය කර ඇත.