සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි
2025 July 30- Page Views : 44 රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් සුනාමි රළ උතුරු ජපානයේ වෙරළ තීරයන් වෙත ඇතුළු වී තිබේ.
සෙන්ටිමීටර් 30ක උසකින් යුතුව සුනාමිය රළ වෙරළට පැමිණි බව NHK ගුවන් විදුලි නාලිකාව වාර්තා කළේය.
ජපානයේ කාලගුණ ඒජන්සිය මීට පෙර පැවසුවේ, ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් තුනක් දක්වා සුනාමි රළ පැමිණෙන ඇතැයි අපේක්ෂා කරන බවය.
ජපානයේ ගිනිනිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ, සුනාමි තත්ත්වය යටතේ මේ දක්වා කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැති බවය.
හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිඳෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133කට අයත් පුද්ගලයින් ලක්ෂ 9ක් පමණ මේ වනවිට එම ස්ථානයන්ගෙන් ඉවත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, රුසියාවට බලපෑ ප්‍රබල භූකම්පනය සහ සුනාමි තත්ත්වය හේතුවෙන් ඉන්දියානු සාගරයට සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බව මෙරට අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.