WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෛද්‍ය වර්ජනය අද දෙවන දිනටත්

2026 January 24- Page Views : 7

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.

පැය 48න් පසුවත් වර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සඳුදා තීරණයක් ගැනීමට නියමිත බව ඔහු පැවසුවේය.

මෙම වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වූ රෝගීන් 'අද දෙරණ'ට අදහස් දක්වමින් පවසා සිටියේ, වැඩවර්ජනය හේතුවෙන් තමා දැඩි ලෙස පීඩාවට මෙන්ම අසරණ තත්ත්වයට පත්ව සිටින බවය.

මේ අතර මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව යළිත් 28 වනදා වර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.