WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තිදෙනෙකු එක්ව අයෙක් ඝාතනය කරයි

2026 January 24- Page Views : 5

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී ඊයේ (23) පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 39ක් වූ වීරසිංහපුර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ඇඹිලිපිටිය පොලීසිය පැවසීය.

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

  සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.