WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමුවෙයි

2026 January 25- Page Views : 3

කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් මහඔය - බෙරගල රක්ෂිතයේ දොල පාරක් අසල තිබී හමු වී තිබෙනවා. මරණකාරිය වයස අවුරුදු 46ක් වූ වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. මෙම කාන්තාව පෙරේදා (23) ගවයින් බැඳීම සඳහා මෙම රක්ෂිතයට ගොස් ඇති බව වාර්තා වනවා. පසුව නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ප්‍රදේශවාසීන් එක්ව කළ සොයා බැලීමක දී මෙම මළසිරුර හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඝාතනයට හේතුව හෝ කවුරුන් විසින් කළේද යන්න අනාවරණය වී නැති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.