WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

2026 April 28- Page Views : 10

ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා අසල සිදුවූ දුම්රිය අනතුරකින් 14දෙනෙකු මියගොස් තවත් 84දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කාර්යාල දුම්රියක් සහ දුරගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මැදිරි තුළ සිරවී සිටින මගීන් මුදාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මක බව ද සඳහන්.

අනතුරේ දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරියට වන අතර මියගිය සියලු දෙනා කාන්තාවන් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුර හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් සීමා කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ.  ඉන්දුනීසියාවේ ගොඩබිම් ප්‍රවාහන අනතුරු බහුලව දක්නට ලැබෙන අතර 2024 වසරේදී ද බටහිර ජාවා ප්‍රදේශයේ සිදුවූ දුම්රිය ගැටුමකින් සිව් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීය.