WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

2026 June 27- Page Views : 3

විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය සමත්ව තිබේ.

සැකකාරිය විසින් මෙලෙස රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක් වංචා කිරීම සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (26) දින උදෑසන අළුබෝමුල්ල පොලිස් වසමේදී හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකල විමර්ශනයක් අනුව මෙම සිද්ධියට සැක කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ සැකකාරිය අවුරුදු 41ක් වූ පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.