WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 42කට තුවාල

2026 June 27- Page Views : 4

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 42 දෙදෙනෙකු මේ වන විට තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී අද අලුයම 1.10ට පමණ මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් දියතලාව මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඩබ්ලිව්. කේ.එල්.එම්. වීරසේකර මහතා පැවසුවේ අනතුරින් පුද්ගලයින් 42ක් රෝහල් ගත කර ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය.

ඒ අනුව එක් අයෙකු බදුල්ල මහ රෝහල වෙත මාරු කළ බවත් පැවසූ වෛද්‍යවරයා තවත් පුද්ගලයින් 8 දෙනෙකු සුළු තුවාල ලබා ඇතැයිද සෙසු පිරිසගේ තත්ත්වය සාමාන්‍ය බවද සඳහන් කළේය.