WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ළමුන් සේවයේ යෙදවීමේ වරදට දඩය රු. ලක්ෂය දක්වා ඉහළ දැමීමට අවධානය

2026 June 28- Page Views : 6

ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයෙකු සදහා පනවනු ලබන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ සදහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය ගැසට් මගින් ද ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව යම් පුද්ගලයෙකු ප්‍රසිද්ධ හෝ පෞද්ගලික කාර්මික ව්‍යාපාරයක ළමයෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් නඩු විභාගයකින් පසු වරදකරුවෙකු වූවහොත් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවිය යුතු වේ.

අදාළ දඩ මුදල මෙතෙක් පැවතියේ රුපියල් 10,000ක් ලෙසය.

මෙම නව පනත් කෙටුම්පත මගින් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් සහ මාස 12කට නොඉක්මවන කාලයක් සදහා දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට යොමු කළ හැකි වේ.

එකී දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දඩුවම් දෙකටම හෝ එම වරදකරු යටත්විය යුතු බව අදාළ පනත් කෙටුම්පතේ සදහන්.