සුනඛයාට පහරදුන් තරුණයා අත්අඩංගුවට
2026 June 28- Page Views : 8
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ, සුනඛයෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කල්මුණ පොලිස් වසමේ අශ්රෝෆ් රෝහල අසලදී පුද්ගලයෙකු විසින් සුනඛයෙකුට අමානුෂික ලෙස පහරදීමකට අදාල වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.
අදාළ විඩියෝව සම්බන්ධයෙන් කල්මුණ පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව සුනඛයාට පහරදුන් සැකකරු ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 21ක් වන කල්මුණකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.