ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සහනයක්: තීරුබද්ද 10% දක්වා අඩු වෙයි
2026 July 24- Page Views : 11
එක්සත් ජනපදය රටවල් 60කට අලුතින් තීරුබදු පනවා තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව සඳහා වන තීරුබද්ද සියයට 10ක් ලෙසයි නියම කර ඇත්තේ. බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හේතුවෙන් මෙම සහනය ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ. මීට පෙර උපරිම සියයට 12.5ක තීරු බද්දක් පනවන බවට අමෙරිකාව ප්‍රකාශ කර තිබුණා.