Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අන්තර් පළාත් ප්‍රවාහන සේවා රාජකාරී සදහා යන පුද්ගලයන්ට පමණක් සීමා කෙරේ

|Sun, 01 August 2021|Miscellaneous| Page Views :

රාජකාරී සදහා ගමන් කරන පුද්ගලයන් වෙනුවෙන් පමණක් අද සිට අන්තර් පළාත් බස්රථ හා දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනු ඇත. කෙසේවෙතත් එම ප්‍රවාහන කටයුතු ආසන ගණනට පමණක් සිදු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා විමසීමකදී සදහන් කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද දිනයේ සියලු ගමන් වාර ක්‍රියාත්මක නොවුණද ලබන සදුදා සිට සාමාන්‍ය කාලසටහන්වලට අනුව බස් රථ සහ දුම්රිය ධාවනයට එක් කරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේය.

අද දිනයේ සියයට 50ක පමණ බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පැවසුවේ.

මේ අතර අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළාය. කෙසේවෙතත් පළාත් හරහා රාජකාරී සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් ගමන් කිරීමට අවසර ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න