WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රධාන ජලාශවල ඇති ජල මට්ටම් ගැන පැහැදිලි කිරීමක්

2026 June 07- Page Views : 8

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73න් ගබඩා කරගත හැකි ජල ධාරිතාවෙන් සියයට 63ක ප්‍රමාණයක ජලය රැස්කරගෙන තිබේ. 

ඒ හේතුවෙන් යල කන්නට අවශ්‍ය ජලය නිසි පරිදි ලබාදීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

ඒ අනුව අම්පාර 41%, අනුරාධපුරය 81%, බදුල්ල 74%, මාතලේ 49%, බදුල්ල 74%, ගාල්ල 72%, මහනුවර 93%, කුරුණෑගල 86%, මොනරාගල 76%, පොළොන්නරුව 71%, පුත්තලම 93%, ත්‍රිකුණාමල 68%, මන්නාරම 76% ලෙසින් ප්‍රධාන ජලාශවල ජල ධාරිතා පවතින බව සඳහන්වේ.

කෙසේවෙතත් ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.