WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මීගොඩ දන්සලේ අනතුරින් පසු සැඟව සිටි අනෙක් සැකකරුත් අත්අඩංගුවට

2026 June 07- Page Views : 8

මීගොඩ දන්සලේ අනතුර සම්බන්ධයෙන් සැඟව සිටි අනෙක් සැකකරුද ඊයේ (06) පස්වරුවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොන් සරත් හෙට්ටිගේ නම් අයෙකි.

සැකකරු අද පස්වරුවේ ගොඩගම ප්‍රදේශයේදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙසක් පොහොය නිමිත්තෙන් පසුගිය මැයි 31 වැනි දින මීගොඩ ප්‍රදේශයේදී සංවිධානයට කර තිබූ රොටි දන්සලක පෝලීමේ සිටි පිරිසක් වෙත බීමත් රියදුරෙක් පැදවූ කැබ් රථයක් කඩා වැදී පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අනතුරින් පසු පලාගිය රථය  ලුහුබැඳ ගොස් ගොඩගම ප්‍රදේශයේදී එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය එහිදී කටයුතු කළේය.

අනතුර සිදුකළ අවස්ථාවේදී කැබ් රථයේ තවත් පුද්ගලයින් තිදෙනෙකු සිටි බවත් ඔවුන් අනතුර සිදුවූ පසු රථයෙන් බැස පලා ගොස් තිබූ බවත් පොලීසියට අනාවරණය වී තිබුණි.

පසුව ඔවුන් සැඟව විටීම හේතුවෙන් ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් සොයාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියේය.

අදාළ සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු කැබ් රථයේ හිමිකරු වන අතර ඔහු අත්තනායකගේ දොන් වසන්ත නම් අයෙකු බවද පොලීසිය හඳුනාගෙන තිබුණි.

ඒ අනුව කැබ් රථයේ හිමිකරු සහ සෙල්ලමුත්තු සෙල්ලකුමාර් නම් අයෙකු අද (06) දිනයේදී නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසිය භාර විය.

භාර වූ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.