සහරා කාන්තාරයේදී ට්‍රක් රථයක් කැඩී 49ක් පිපාසයෙන් මියගිහින්
2026 June 06- Page Views : 13
සහරා කාන්තාරය හරහා ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා, එහි ගමන් ගත් පුද්ගලයින් 49 දෙනෙකු දැඩි පිපාසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔවුන්ගේ මළසිරුරු ඊයේ (5) සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාලි සහ ඇල්ජීරියා දේශසීමාව ආසන්නයේ පිහිටි 'අසමකා' ප්‍රදේශයේ සිට කිලෝමීටර් 80කට වඩා (සැතපුම් 49) බටහිර දෙසින් මෙම ට්‍රක් රථය කාර්මික දෝෂයකට ලක්ව නතර වී ඇත.
මියගිය සියලු දෙනා නයිජීරියානු ජාතිකයින් වන අතර, ඔවුන් මාලි රාජ්‍යයේ පැවැති ආගමික උත්සවයකට සහභාගී වී නැවත සිය රට බලා පැමිණෙමින් සිටියදී මෙම බිහිසුණු ඛේදවාචකයට මුහුණ පා තිබේ.
කෙසේ නමුත් මෙම අනතුරෙන් දෙදෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත. ඔවුන් ජලය සොයා කිලෝමීටර් 50කට වඩා (සැතපුම් 31) වැඩි දුරක් පයින්ම ගමන් කර, පසුව 'අසමකා' වෙත ළඟා වී තිබේ.
ඔවුන් විසින් බලධාරීන්ට ලබා දුන් තොරතුරුවලට අනුව වහාම ක්‍රියාත්මක වූ නයිජීරියානු සහන කණ්ඩායම් අදාළ ස්ථානයට ළඟා වී ඇත.
එහිදී කාර්මික දෝෂයට ට්‍රක් රථය යට සහ ඒ අවට විසිරී තිබූ මළ සිරුරු 49 සොයාගෙන ඇති අතර, පසුව එම සිරුරු සියල්ලම එම ස්ථානයේම සමූහ මිනී වළක තැන්පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.