WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මෙරට ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

2026 June 06- Page Views : 15

මෙරට චීන තානාපති කාර්යාලයට අලුතින් පත්වූ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමුවී තිබේ.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා සහ චීන ආරක්‍ෂක උපදේශකවරයා අතර ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරතවී ඇත.

මෙම අවස්ථාවට තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක සහ නාවික ආරක්‍ෂක උපදේශක ද එක්විය.